අරගල සුනාමියේ දෙවෙනි රැල්ල ළඟ එනවා..! ඒකට තොපි ඔක්කෝම හෝදං යනවා…!- සමන්ත විද්‍යාරත්න…

August 10, 2022 at 12:17 pm | by emanisa.lk

අරගලය අවසන් යැයි සමහරු සිතුව ද එය සුනාමිය ඉදිරියට ඇවිත් පස්සට යාම වැනි තත්ත්වයක් යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කළේ, සුනාමිය ද එකවර නොපැමිණි බවත් පළමු රැල්ල ආපස්ට ගිය බවත්ය.

එවිට සමහරු වෙරළේ වැටවල් ගසා පදිංචි වන්නට හැදුවා මෙන් ම රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධනලා දැන් පාර්ලිමේන්තු ඔළුගෙඩි මාරුවකින් බලය අල්ලා ගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

දැන් දෙවන රැල්ල ආරම්භ වී ඇති බවත් පාලකයින් සෝදා ගෙන තැනට අරගලය උත්සන්න කරන බවත් සමන්ත විද්‍යාරත්න අවධාරණය කළේය.

එම පක්ෂය සංවිධානය කළ විරෝධතාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *