ජනාධිපතිතුමාට ඕන වෙලාවක ජනාධිපතිවරණය කැඳවන්න පුළුවන් – දිනේෂ් ගුණවර්ධන

January 16, 2019 at 9:11 am | by admin

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වරක් ජනාධිපතිවරණයට තරග වදින්නේ නම් ඔහුට අවශ්‍ය ඕනෑම මොහොතක ජනාධිපතිවරණය කැඳවීමේ හැකියාව ව්‍යවස්ථානුකූලව දැන් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එසේ නොවුණත් 2019 නොවැම්බර් මාසය වන විට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවත් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා බැඳී සිටින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එහෙත් බස්නාහිර පළාත් සභාව සහ දකුණු පළාත් සභාව හැර සෙසු පළාත් සභාවල කාලය අවසන්වී මාස ගණනක් ගතව ඇතත් ආණ්ඩුව එම මැතිවරණ නොපවත්වන බවත් තමන් වසර එක හමාරක කාලයක් තිස්සේ එම මැතිවරණ ඉල්ලා සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම නීතිය වෙනස් කරමින් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළත් එය අසාර්ථක වූ බවයි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ. ඒ පිළිබඳ වාර්තාවක් ලබාදීමට සැප්තැම්බර් මාසයේ සිට මාස දෙකක කාලයක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්න ද ඔහු එම වාර්තාව ඉදිරිපත් නොකළ බවට ද ඒ මහතා චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස