අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති එකඟයි…! – අස්ගිරි ලේඛකාධීකාරී හිමි…

April 25, 2022 at 11:53 am | by emanisa.lk

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වූ බව අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.

එසේ ම ආර්ථික අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට ද එකඟතාව පළකර ඇත.

ජනපතිවරයා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට ලිපියක් එවමින් ඒ බව දැනුම්දී ඇතැයි ධම්මානන්ද හිමියෝ සඳහන් කළහ.

එසේම නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව රටට ඉදිරිපත් කිරීමටද ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

කෙසේ වුව ද විපක්ෂයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා එකඟ නැති බව එහි නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *