රටේ සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්න බෑ…! අගරදගුරුතුමා…

February 4, 2021 at 6:15 pm | by emanisa.lk

නිදහසින් පසු ලෝක බලවතුන් හමුවේ රට ණයගැතියකු බවට පත්කර ජනතාව භේද බින්න කිරීම සම්බන්ධයෙන් එදා මෙදා තුර මෙරට පාලන බලය හෙබ වූ සියලු දේශපාලකයන් වගකිවයුතු බව කොළඹ අගරද ගුරු මැල්කම් රංජිත් හිමිපාණන් පවසති.

අගරද ගුරුහිමි එම අදහස් පළකළේ 73 වන නිදහස් දිනය වෙනුවෙන් කතෝලික දේව මෙහෙයට සහභාගී වෙමින් අද (04) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී ය.

“රටේ පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සහ කරන්නට බැහැ අපට. පසුගිය වසර 20ක 30ක කාලයක සිට මේ දේවල් විකිණීමේ තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා.

අපට බැරි ආර්ථික ක්‍රම මේ රටට හඳුන්වා දෙන්නට ගිහිල්ලා මේ රට ලෝකයේ නොයෙකුත් රටවල්වල ණය කාරයෙක් බවට පත්කරලා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ අපේ රටේ නායකයෝ ගමන්කළ වැරැදි මාර්ග නිසයි.

ඒ වගේම මේ ලස්සන දිවයිනේ අද දිවයිනවල් කිහිපයක්ම තියෙනවා. එක එක භාෂා කථා කරන අයට වෙන වෙනම කොටස් තියෙනවා. මේ රට ජාතිය, ආගම, භාෂාව යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇති කළේ අපේම නායකයොයි.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස