ශ්‍රී ලංකාවෙි බීජ අවශ්‍යතාව හා බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ කළ සංචාරයක දී මෙි කරුණු අනාවරණය වූ බව කී අමාත්‍යවරයා මෙරට වගා කරන බෝග අනුව වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය හා නිෂ්පාදනය කරන බීජ ප්‍රමාණය, වාර්ෂිකව ආනයනය කරන බීජ ප්‍රමාණය හා වර්ග පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගෙන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බවද පැවසීය.
කවුරුන් බීජ නිෂ්පාදනය කළත් කවුරුන් බීජ ආනයනය කළත් ඒ සියලු තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.