2021 දී රට කහවලින් ස්වයංපෝෂිතයි! රට පටවන්නත් කහ තියෙනවා!- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

September 19, 2020 at 12:07 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව 2021 වන විට කහ වලින් ස්වයංපෝෂිත වන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද පැවසුවේ මේ වන විට හෙක්ටයාර් 1500ක පමණ කහ වගා කර ඇති බවය.

2021 පෙබරවාරි වන විට ඒවායින් අමු කහ මෙට්‍රික් ටොන් 22,500ක් පමණ අස්වැන්න ලබාගත බව ඒ මහතා පැවසීය.

එලෙස ලැබෙන අස්වැන්නෙන් බීජ සඳහා මෙට්‍රික් ටොන් 4000ක් ඉවත් කළ ද, ඉතිරියට මෙරට කහ අවශ්‍යතාවය සපුරාලිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මෙරට වසරක කහ පරිභෝජනය මෙට්‍රික් ටොන් 7500ක් වන අතර 2019 දි මෙරටදී නිෂ්පාදනය කළ කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1200ක් පමණි.

සෙසු අවශ්‍යතාව සපුරාගනු ගැනීම සඳහා එම වසරේදී ආනයනය කළ කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5382කි.ඒ  සඳහා වැයවූ පිරිවැය රුපියල් මිලියන 1200කි.

මේ වන විට කහ ආනයනය කිරීමට අවසර නොදෙන අතර ඊට පිළියමක් ලෙස දේශීය ගොවීන් කහ වගාව සඳහා දිරිමත් කෙරේ.

මෙසේ තිබියදී, නීතිවිරෝධි ආකාරයෙන් මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ තිස්තුන්දහසක් පොලීසිය විසින් සොයාගනු ලැබීය. එහි වටිනාකම රුපියල් කෝටි 11කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *