කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමිව ඩුබායිහි රැඳී සිටින ලාංකිකයින් 293 දෙනෙකු ඊයේ (10) රාත්‍රි ගුවන් මගින් මෙ රටට රැගෙන ඒමට කටයුතු කළ බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
කොවිඩ් වෛරසය හේතුවෙන් රැකියා අහිමි වූ මෙම ලාංකිකයින් හැකි ඉක්මනින් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබිණි.