අපේ රටේ සම්පත් කොල්ල කා තර වී ඇන්ටන් බාලසිංහම් වැනි ත්‍රස්තවාදීන් කවා පොවා දැඩි කළේ එංගලන්තය බව ජාතික නිදහස් පෙරමුණේ නායක, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ පවසයි.
“ඔය කියන එංගලන්තය තමයි ඇන්ටන් බාලසිංහම්ව කවා පොවා ඇති දැඩි කළේ, ඒ අය තමයි අදත් ජිනීවාවල අපේ රණවිරුවන්ට විරුද්ධව යෝජනා ගේන්නෙ.
ඒ ගොල්ලො තමයි අපේ ඓතිහාසික දැනුම් පද්ධතිය, පුස්කොළ පොත්ටික කොල්ල කෑවේ. ඒ ගොල්ලො තමයි උඩරට අපේ මහා වනාන්තර ටික හෙළි පෙහෙළි කරලා අරගෙන ගියේ. ඒ නිසා ඒ ඉතිහාසය නොදන්න මිනිස්සු නම් මේ රට පාලනය කරන්නෙ ඒවා ගැන තැකීමක් හැඟීමක් නැති මිනිස්සු නම් මේ රට පාලනය කරන්නෙ. එහෙම පාලනයකට මේ විදියේ ආර්ථික අර්බුදයකින් මේ රට ගොඩගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නෙ නැහැ.
මෙතන පළමුවෙන්ම චින්තනමය වෙනසක් තියෙන්න ඔන. තවම මේ අර්බුදය දිහා පරණ ඇහෙන්නම් බලන්නෙ. පරණ විදියට නම් හිතන්නෙ, රැජිනගේ අවමඟුලට යන එක ලොකුයි අනිත් ඔක්කොටම වඩා කියලා නම් හිතෙන්නෙ, ඒවා පරණ සිතුවිලි. ඒ පරණ හිතන විදියෙන් මේ අර්බුදයට උත්තර හොයන්න බැහැ. ආදර්ශයක් දෙන්න ඔන රටට.
වෙනදා වියදම් කරලා කරපු වැඩ වෙනුවට වෙනස් විදියට රටේ මිනිහට ආදර්ශය දෙන්න ඔන. එහෙම ඔන කමක් තියා හැඟීමක්වත් අපට පේන්නෙ නෑ.ඒ නිසා අපි කියන්නෙ මේ ජාතික සභාව හදන එක ගැන අපිට ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් නෑ. නමුත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. කොහොම නමුත් ඒකට වියදමක් යන ව්‍යුහක් නොවෙයි කියලා අපි හිතන නිසා.”
ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.