මට ලෝකයේ විශාල පිළීගැනීමක් තියෙනවා..! මහ රැජිනගේ විවාහ සංවත්සර කතාව කළෙත් මමයි..! – චන්ද්‍රිකා

September 12, 2022 at 10:11 am | by emanisa.lk

දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති භෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුණේ තමනට බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

1997 නොවැම්බර් මස 20 වෙනිදා ස්කොට්ලන්තයේ දී මෙම ප්‍රිය සම්භාෂණය පැවැති අතර එවක ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය ලෙස කටයුතු කළේ චන්ද්‍රිකා කුමාරතුංගය.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඈ මේ බව සිහිපත් කර ඇත්තේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය නිමිත්තෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *