ජනාධිපතිතුමා එලිසබෙත් රැජින වගේ….! එතුමා නිවැරදි බව අපට විශ්වාසයි….! – ඇමැති චන්ද්‍රසේන..

February 8, 2021 at 1:57 pm | by emanisa.lk

සියල්ලට ම හොට දැමීමට ගියහොත් රට කරවිය නොහැකි බවත් මේ රට පාලනයට බලය ලබා දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මිස එක එක්කෙනාට නොවන බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

බ්‍රිතාන්‍යයේ රට කරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති බවත් රැජින වැරදි නොකරයි යන විශ්වාසය එරට ජනතාවට ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

එසේ ම තමන් ළඟ ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැරදි නොකරයි යන විශ්වාසය ඇතැයි ඇමැති චන්ද්‍රසේන වැඩි දුරටත් අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස