මහ රැජින වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි…! පාර්ලිමේන්තුව නිහඬ වෙයි…!

September 9, 2022 at 12:08 pm | by emanisa.lk

එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව එක්සත් රාජධානියේ රාජකීය පවුල, රජය සහ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවෙි බලවත් ශෝකය පළ කර තිබෙි.

මහ රැජිනගෙන් අභාවය වෙනුවෙන් ජාතික ශෝක කාලයක් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කර පාර්ලිමේන්තුවේදී දී අද ශෝකය පළ කළහ.

බ්‍රිතාන්‍ය මහ රැජින වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට මුලින්ම දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *