රටේ ජනතාව අනුර ජනාධිපති කරන්න තීරණය කරලා ඉවරයි..! වහාම ඡන්දේ තියපල්ලා…! – නාමල්…

December 24, 2022 at 2:58 pm | by emanisa.lk

මේ රටේ ඊළඟ නායකයා අනුර දිසානායක බව රටේ සිදුකළ සියලු ම සමීක්ෂණවල දී තහවුරු වී ඇතැයි ජාතික ජන බලවේගය පවසයි.

එහි නාමල් කරුණාරත්න පවසන්නේ පොහොට්ටුව අලි වෙඩි පත්තු කළ ගව ගාලක් සේ විනාශ වී ඇති බවයි.

එජාප ඡන්ද ලක්ෂ ගණනින් තමන් වටා ගොනු වී ඇති බවත් ඉතිරි ඡන්ද ටික රනිල් සජිත් ෆොන්සේකා සහ පාඨලී කල්ලි අතර බෙදී ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

අවුරුදු 18 නැවුම් ඡන්ද 80%කට වඩා අනුර දිසානායක සිය නායකයා ලෙස තෝරාගෙන ඇතැයි ද නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේය.

මේ නිසා පාලකයින් බය වී ඡන්ද කල් දැමීමට අර අඳින බවත් මහජන බලය සමග සෙල්ලම් කරන්න එපා කියන අනතුරු ඇඟවීම තමන් සිදුකරන බවත් ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *