ඊළඟට එන්නේ ජවිපෙ ආණ්ඩුවක් බව ඒකාන්තයි..! දැන් මාධ්‍ය අහන්නෙත් මගේ ඇමැතිකම ගැනමයි..! – ලාල්…

March 10, 2022 at 7:54 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් යටතේ තමන්ට ලැබෙන ඇමැති ධූරය කුමක් දැයි මාධ්‍යවේදීන් නිතර විමසන බව එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

පසුගියදා දෙරණ 360 වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේ ද තමාගෙන් මුලින් ම ඇසුවේ එම ප්‍රශ්නය බවයි, ලාල්කාන්ත සඳහන් කළේ.

කිසිදා බලයට පත් නොවන පක්ෂයකින් මාධ්‍යවේදීන් එසේ නොවිමසන බවත් එසේ විමසන්නේ නම් ඔවුන් අමු මෝඩයින් විය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණු ජන හමුවක් අමතමින් කේ.ඩී. ලාල්කාන්ත මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *