69 ලක්ෂේ මෝඩයෝ කියන්නේ ජවිපෙ හතුරෝ..! තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයෝ දැන් අපි එක්ක..! ඊළඟ එන්නේ ජවිපෙ ආණ්ඩුවක් බව ස්ථිරයි..!

February 1, 2022 at 3:10 pm | by emanisa.lk

බොහෝ දෙනෙක් 69 ලක්ෂය මෝඩයන් යැයි හංවඩු ගැසීම තමා අනුමත නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

69 ලක්ෂය මෝඩයන් යැයි හාස්‍යට ලක් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වේශයෙන් සිටින ජවිපෙ සතුරන් බවත් එම 69 ලක්ෂයට රට ගොඩගැනීමේ සැබෑ අභිලාෂයක් තිබූ බවත් ලාල්කාන්ත සඳහන් කරයි.

මුලින්ම ජනතාවගේ අභිප්‍රායන් මොනවාදැයි හඳුනා ගැනීමට දේශපාලනඥයකුට හොඳ ඉවක් තිබිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

උදාහරණයක් ලෙස මීට පෙර තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයන්ගේ සැබෑ අරමුණට ආණ්ඩුව කිසිම ගරුත්වයක් නොදුන් අතර ජනතාවගේ එම නැවුම් හැඟීම් සියල්ල සුන් වී ඇති බවත් මේ මොහොතේ ජනතාව ජාතික ජන බලවේගයට සමීප නිසා ජනතාවගේ අභිලාෂ මොනවාදැයි ඉතා හොඳින් පැහැදිලි බවත් ලාල් කාන්ත සඳහන් කළේය.

විශේෂයෙන් ම ඊළඟ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් බලය ගන්නා බව ද ඔහු වැඩි දුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *