අනුර ජනපති කර ජවිපෙ ආණ්ඩුවක් ගෙන ආ යුතු බව අද රට ම කියනවා..! – විජිත හේරත්…

December 4, 2021 at 4:21 pm | by emanisa.lk

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු රට හදන ආණ්ඩුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් පිහිටුවිය යුතු බවට අද රට පුරා ම ජනතාව කතා වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

‘ජනතා විමුක්ති පෙරමුණ රට දීලා බලමු’ යනුවෙන් අද රටේ සෑම තැනකම කතාවන බව ද ඔහු පවසයි.

ඒ නිසා ජවිපෙ ඒ පිළිබඳව මේ වන විට ජනතාව සමඟ පුළුල් සංවාදයක යෙදෙන බව ද හෙතෙම කියා සිටියේය.

පවතින පාලනය වෙනස් කළ යුතු බව ජනතාව එක හඬින් කියා සිටින බව එම සාකච්ඡාවල දී පෙනී යන බව ද මන්ත්‍රීවරයා තව දුරටත් පවසයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්චාවට එක්වෙමින් ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙම අදහස් පල කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *