රංජන් වෙනුවෙන් ජනාධිපති සමාව ඉල්ලනවා…..! – රංජන්ගේ මස්සිනා…. රංජන් සිරගත කළේ නන්දසේන ජනපති… හෙණ ගහනවා…! – හරීන්ගේ ගෝළයෝ….

January 25, 2021 at 2:23 pm | by emanisa.lk

රංජන් රාමනායකට හිමි වූ දඬුවම බරපතළ වැඩි යැයි සිතන බව ඔහුගේ මස්සිනා වන නිරංජන් අසෙරප්පා පවසයි.

ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය. රංජන් රාමනායක තවම එවැන්නක් තමන්ට ප්‍රකාශ කර නැතැයි ද නිරංජන් අනාවරණය කළේ ය.

කෙසේ වුව ද ඒ අවස්ථාවට පැමිණි සමඟි ජන බලවේග ප්‍රාදේශීය නායකයින් රංජන් සිරගත කළේ ආණ්ඩුව යැයි චෝදනා කරමින් “නන්දසේන ජනාධිපතිවරයාට” බැණ වදිනු දැකගත හැකි විය. ඔවුහු රාජපක්ෂ පවුලට හෙණ හත වැදිය යුතු බව ද පැවසූහ.

පහලොස් දෙනෙකුගෙන් පමණ සමන්විත එම කණ්ඩායම හරීන් ප්‍රනාන්දුගේ බැනරයක් ද ඔසවා ගෙන සිටිනු දැකගත හැකි විය. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහභාගී නොවීම ද විශේෂත්වයකි. පසුගියදා හරීින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ රංජන්ගේ අඩුව පිරවිමට තමා සූදානම් බව ය.

එම වීඩියෝව මුදා හැර තිබුණේ ද රංජන් රාමනායක යූටියුබ් චැනලය ඔස්සේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස