මාව පොරක් කළ ආණ්ඩුවට ස්තූතියි…! චැලෙන්ජ් කළොත් කලිසම ලිහලා පෙන්වන්නම්….! ගම්පහට රංජන්ගේ අඩුව පුරවන්න මම සූදානම්….! – හරීන්…

January 23, 2021 at 1:14 pm | by emanisa.lk

බදුල්ලේ සමගි ජන බලවේගය ශක්තිමත් කිරීමට තමා යාමට සූදානම් වුව ද රංජන් රාමනායක සිරගත වීමත් සමග ගම්පහින් තරඟ කිරීම පිළිබඳ නැවත සිතා බැලීමට සිදුව ඇතැයි හරීන් ප්‍රනාන්දු පවසයි.

ගම්පහට රංජන් රාමනායක අහිමි වීම විශාල පාඩුවක් බවත් ඒ හිඩැස පිරවීමට කිසිවෙකු උවමනා බවත් ඔහු සඳහන් කරයි.

මේ වන විටත් තමා වත්තල ප්‍රදේශයේ සංවිධාන කටයුතු සිදුකරන බවත් ඉදිරි සති දෙක ඇතුළත අදාළ තීන්දුව ගන්නා බවත් හරීන් ප්‍රනාන්දු පවසයි.

තමා මුස්ලිම් ජාතිකයෙකු නොවන බවත් නමට සහීඩ් කොටස එකතු කරගත්තේ ඌව පළාත් සභා මැතිවරණයේ දී තමන්ට අවශ්‍ය මනාප අංකය ලබා ගැනීමට බවත් ඔහු හෙළි කළේ ය.

තමා කොකේන් පානය නොකරන බවත් රංජන්ගේ කොකේන් ලැයිස්තුවේ තමා නැති බවත් සඳහන් කළ හරීන් කිසිවෙකු අභියෝග කරන්නේ නම් කලිසම ලිහා අවශ්‍ය අයෙකුට පෙන්විය හැකි බවත් ශ්‍රී ලංකාව ගැන ලැජ්ජා වන බව ද සඳහන් කළේ ය.

යූටියුබ් නාළිකාවක් සමඟ සංවාදයකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

පසුගියදා කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ පසුගිය වර ජාතික ලැයිස්තුවට රිංගූ හරීන් කළු සාටක දමා ගෙන කිඹුල් කඳුළු හෙළන්නේ රංජන් සිරගත වීම සමඟ ඔහුගේ මනාප මල්ල දෙස බලා ගෙන බව ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස