රංජන් විතරක් නෙමේ තව 10-11ක් ඉන්නවා අයින් කරන්න! මම හිටියා නම් ඒ කල්ලියම පැයෙන් පන්නනවා! – වජිර

January 15, 2020 at 8:11 am | by emanisa.lk

රන්ජන් රාමනායක පමණක් නොව තවත් මන්ත්‍රීවරු 10-11ක් පක්ෂයෙන් ඉවත් කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ඊයේ (14) ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළ මාධ්‍ය හමුවට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටි වජිර අබේවර්ධන පැවසූයේ ‘‘වැඩේ හරි නේද..තව දහයක් එකොළහක් ඉන්නවා අයින් කරන්න.. මම හිටියා නම් ඒ කට්ටිය පැයෙන් අයින් කරනවා..” යනුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස