රංජන් රාමනායකට අවුරුදු 11කට පාර්ලිමේන්තුවත් අහිමි වෙයි….! ජනාධිපති සමාවක් හැර කිසිම සරණක් නෑ….!

January 12, 2021 at 9:18 pm | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවකු ලෙස බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායකට මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සඳහන් කරයි.

“සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ.

ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ඒමට, ඒ සම්බන්ධයෙන් කටයුතු කිසිදෙයක් කරන්නට හැකියාවක් නැහැ. ඒ අනුව ඔහු අවුරුදු 4කින් පසුව හෝ ඊට පෙර ජනාධිපතිවරයා යම්කිසි සමාවක් දුන්නහොත් පමණක් ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ.”

මේ අනුව රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය අහිමිවිය හැකි අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතිය ද අහිමිවනු ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස