රංජන් රාමනායකට අවුරුදු 04ක සිරදඬුවම්….! මන්ත්‍රි ධුරයත් අහිමි වෙයි….!

January 12, 2021 at 11:15 am | by emanisa.lk

අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.

අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.

සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණිනි.

අධිකරණයේ බහුතරයක් විනිසුරුවරුන් සහ නීතීඥයින් දූෂිත බවට 2017 අගෝස්තු 21 මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් අධිකරණයට අපහාස කිරීම ඔහුට ඇති චෝදනාවයි.

මෙම දඬුවම සමග රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහිමි වෙයි.

මෙම නඩුව පසුගිය ආණ්ඩු සමයේ රංජන් රාමනායකට එරෙහිව පැවරූ අතර ඔහු ඒ සඳහා මෙයට පෙර අත්අඩංගුවට ද පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස