රංජන්ගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී අසුන මාන්නප්පෙරුමට…!

January 12, 2021 at 3:02 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිව්වසරක සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පත් කෙරෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මානප්පෙරුම මන්ත්‍රීවරයාට මනාප ලයිස්තුවේ 5 වන ස්ථානය හිමිවිය.

එම මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව අනුව සමගි ජනබල වේගයට මන්ත්‍රී ආසන 04ක් හිමිවූ අතර ඉන් වැඩිම මනාප ලබා ගනු ලැබුවේ සරත් ෆොන්සේකා ය. දෙවන ස්ථානය රංජන් රාමනායකට හිමි විය.

ඒ අනුව රංජන් සිරගත වීම නිසා හිස් වන මන්ත්‍රී අසුන අජිත් මානප්පෙරුමට ලැබෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස