යුද්දේ කාලේ යුද්දේ ගැන වාද කළ අපට කොරෝනා ගැන වාද කරන්න අයිතියක් තියෙනවා! – කිරිඇල්ල

November 21, 2020 at 6:54 pm | by emanisa.lk

කොරෝනා වසංගතය පිළිබඳ හැමදාම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේ අයිතියක් තමන්ට ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ගිය සුමානයේ ඇසූ නිසා මේ සුමානයේ අසන්නේ යැයි එම අයිතිය ඇහිරීමේ අයිතියක් කතානායකවරයාට නැතැයි ද ඔහු අවධාරණය කළේ ය.

පසුගිය යුද සමයේ දී පාර්ලිමේන්තුවේ දී යුද්ධය පිළිබඳ හැමදාම තමන් ප්‍රශ්න ඇසූ බව ද මන්ත්‍රීවරයා සිහිපත් කළේ ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක ම ප්‍රශ්නය නැවත නැවත අසන බව පවසමින් ඊට ඉඩ නොදීමට කතානායකවරයා ගත් තීන්දුවට විරෝධය පාමින් කිරිඇල්ල මන්ත්‍රීවරයා අද (21) මේ බව ප්‍රකාශ කළේ ය.

ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි බව ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ එම යුද සමයේ ය. හමුදාව කිලිනොච්චි යනවා යැයි මැදවච්චි යන බව රවී කරුණානායක ප්‍රකාශ කළේ ඒ යුද සමයේ ය. තොප්පිගල විශාල වනයක් බව එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ද එම යුද සමයේ ය. කිසිදා ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බව මංගල සමරවීර කීවේ ද යුද සමයේ ය. ඒ අතරින් තිදෙනෙක් ම මෙවර පාර්ලිමේන්තුවේ නොමැති වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස