යුගදනවි ගිවිසුමට එරෙහිව රැළියක් තියන බව ජනපතිට කියන්න හවුල් පක්ෂ නායකයින්ට කොන්දක් තිබ්බේ නෑ…! – සාගර…

October 30, 2021 at 12:49 pm | by emanisa.lk

යුගදනවි ගිවිසුමට එරෙහිව වෙනම රැළියක් පවත්වන බවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග පැවැති සාකච්ඡාවේ දී ඔවුන් ඉදිරියේ නිර්භයව ප්‍රකාශ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර කුඩා පක්ෂවල කිසිදු නායකයෙකු ඉදිරිපත් නොවුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

“මම දන්න තරමින් නම් හවුල්කාර පක්ෂ 11ක් අපට නෑ. 11ක් පාර්ලිමේන්තුවෙ නෑ. එහෙම කිසිම කෙනෙක් රැළියක් තියන බවක් ගැන ප්‍රකාශ කළේ නෑ. එහෙම නිර්භීතව ප්‍රකාශයක් කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ.

ඒ සාකච්ඡාවෙ දී අන්තිමට පැමිණ හිටපු හැම දෙනෙක්ට ම වගේ තේරුණා මේ එල්. එන්. ජී. බලාගාරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නෑ, එය ඉතා ම පාරදෘෂ්‍ය ආකාරයෙන් ඒ වගේ ම රටට වැඩදායක ආකාරයෙන් සිදුකරන ව්‍යාපෘතියක් බව.

බැසිල් රාජපක්ෂ මැතිතුමා පැහැදිලිව කිව්වෙ මෙම ගිවිසුම් දැනට සම්පූර්ණයෙන්ම අවසන් නිගමනයකට ඇවිල්ලා නෑ, ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හදාරලා අවශ්‍ය දේ කරන්න නීතිපතිවරයා වෙත යොමුකරලා තියෙනවා, සියලුම පක්ෂ නායකයින්ට තමුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්ය කියන කාරණය තමයි.”

සාගර කාරියවසම් මේ බව පැවසුවේ පෙරේදා (28) රාත්‍රියේ ආණ්ඩුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස