යුගදනවි 40%ක් ඇමරිකාවට දුන්නට කමක් නෑ…! රටට අවාසි කිසිදු ගිවිසුමකට මම අත්සන් කරන්නෑ…! – ගම්මන්පිල….

September 29, 2021 at 2:36 pm | by emanisa.lk

මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අහිතකර කිසිදු ගිවිසුමකට තමා අත්සන් නොතබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

2023 සිට 2028 දක්වා මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමේ බලය ඇමරිකානු සමාගමක් වෙත පැවරීම මෙරට ගෑස් කැනීම්වලට බාධාවක් බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.

2021 අග වෙන්දේසිය පැවැත් වුවහොත් වසර තුනක් ඇතුළත මෙරට ගෑස් නිෂ්පාදනය කළ හැකි බවත් ලංකාවේ ගෑස් ඒකාධිකාරය ඇමරිකානු සමාගමක් වෙත ලබා දීම ගෑස් නිධි කැනීම සඳහා ආයෝජකයින් ගෙන්වා ගැනීමට බාධාවක් විය හැකි බවත් උදය ගම්මන්පිල පෙන්වා දෙයි.

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීම ගැටලුවක් නොවුණ ද ඔවුන්ට වසර 05ක ගෑස් සැපයීමේ ඒකාධිකාරයක් ලබා දීම ගැටලුවක් බවත් රටට අහිතකර කිසිදු ගිවිසුමකට තමා බලශක්ති අමාත්‍යවරයා ලෙස අත්සන් නොකරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *