ජැටියට කෑ ගැසූ අය අද යුගදනවිට කෑ ගහනවා…! නැඟෙනහිර ජැටිය ගැන කනගාටුයි…! මේ හදන්නේ රටේ සංවර්ධනය නතර කරන්න….! – පොහොට්ටු පසුපෙළ….

September 22, 2021 at 11:33 am | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට ඉන්දීය ආයෝජකයන් පැමිණි අවස්ථාවේ ඊට එරෙහි වී එය කඩාකප්පල් කළ කණ්ඩායම ම අද යුගදනවි බලාගාරය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයකු පැමිණ සිටින අවස්ථාවේදී ද විරෝධය පළ කිරීම ආරම්භ කොට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

එම විරෝධය හේතුවෙන් අද කොළඹ වරායේ නැගෙනහිරි ජැටියට සිදුව ඇති දේ සම්බන්ධයෙන් කනගාටුවක් ඇති වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

අද යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ප්‍රමාණයක් සංවර්ධන කටයුතු කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වැනි විශාල මුදලකට ෆෝට්‍රස් සමාගමට ලබා දී ඇති බව කී හෙතෙම ලංකාවට වාසිසහගත ලෙස එම ගිවිසුම් සකස් කොට ඇති බවත් අවධාරණය කළේය.

මෙම ව්‍යාපෘතිය හරහා බලශක්තිය පරිසර හිතකාමී ලෙස නිපදවන බව සහ අඩු මිලට විදුලිය ලබා දිය හැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මෙය විකිණීමක් නොව කොටස් පැවරීමක් පමණක් බවත්, මේ ආකාරයෙන් සියල්ලටම විරෝධය පළ කිරීමෙන් වන්නේ රටේ සංවර්ධන කටයුතු ඇන හිටීම පමණක් බවත් පෙන්වා දුන්නේය.

යුගදනවි ගිවිසුමට ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂ කිහිපයක් විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් කළ විමසීමක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *