යහපාලන යුගයේ මෙ රටට ගෙනා කසළ කන්ටේනර් 102ක් ආපසු එංගලන්තයට ම පටවයි!

November 6, 2020 at 11:31 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 අතරින් තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් කොළඹ වරායෙන් පිටත් වූ නෞකා 3කින් ආපසු එංගලන්තය බලා අද (06)  පිටත් කර යැවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පවසයි.

ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නියෝගය මත සහ මේ පිළිබඳව රේගුව විසින් පවත්වනු ලබන විධිමත් රේගු පරීක්ෂණයකින් ද මෙම අපද්‍රව්‍ය බහාලුම් ආපසු එංගලන්තය වෙත යැවීමට නියෝග ලැබී තිබේ.

කොළඹ වරායේ ගුදමක ගබඩා කර තිබූ මෙම අපද්‍රව්‍ය බහාලුම් 112 අතරින්, බහාලුම් 82ක් අද ප්‍රතිනැව්ගත කර තිබේ.

තවත් බහාලුම් 10 ක් අද රාත්‍රීයේත් පිටත් කර හැරීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ ආකාරයට ඉකුත් 30 දින ද කොළඹ වරායේ තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20ක් එංගලන්තය වෙත ප්‍රති නැව් ගත කර තිබූ අතර, තවත් මෙවැනි අපද්‍රව්‍ය බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්ත ශාලාවක ගබඩා කර තිබේ.

මෙම ප්‍රති නැව්ගයහත කිරීම රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රියගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ) එස්.පී.අයි.බාලසූරිය, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්. ආනන්ද ඊශ්වරන්, රේගු අධිකාරී අෂොරොෆ් සම්සුදීන්, සහකාර රේගු අධිකාරීවරුන් වන තිළිණි ජයසුන්දර සහ කේ.කේ.එම්.සලීම් යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස