කසළ ප්‍රති-අපනයනය තහනම්! සරුංගල් වෙසක් කූඩු ගෙන්වීමත් තහනම්!

December 6, 2019 at 9:05 am | by emanisa.lk

පසුගිය සමයේ මහත් ආන්දෝලනකට ලක්වූ කසළ ප්‍රති-අපනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

එසේම සරුංගල්, වෙසක් කූඩු මෙන්ම හඳුන්කූරු වර්ග ආනයනය ද නවතා දැමීමට තීන්දු කර ඇත.

රට තුළ ඉතාම පහසුවෙන් නිෂ්පාදනය කරගත හැකි ද්‍රව්‍ය ආනයනය කිරීම පසුගිය සමයේ ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්විය.

මේවා ශ්‍රී ලංකාවේ ගෘහ කර්මාන්ත ලෙස ක්‍රියාත්මක වන බොහෝ පිරිසක් ස්වයං රැකියාවල යෙදෙන තරඟකාරී කර්මාන්ත ලෙස සැලකෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස