යහපාලන කාලේ සතොසට රු. කෝටි 1596ක දැවැන්ත පාඩුවක්!

November 17, 2020 at 7:20 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුව පැවැති 2015-2019 කාලය තුළ ලංකා සතොස රුපියල් කෝටි 1596ක දැවැන්ත පාඩුවක් ලබා තිබේ.

2015 වසරේදී රුපියල් බිලියන 1.97ක පාඩුවක් ලබා ඇති සතොස 2016 වසරේදී ලබා ඇති පාඩුව රුපියල් බිලියන 5.11කි.

2017 වසරේදී රුපියල් බිලියන 2.78ක් සහ 2018 වසරේදී රුපියල් බිලියන 2.92ක පාඩුවක් ලැබූ සතොස ආයතනය 2019 වසරේදී රුපියල් බිලියන 3.18ක පාඩුවක් ලබා ඇත.

මේ හැරුණු කොට ලංකා සතොස ආයතනය භාණ්ඩ සැපයුම්කරුවන් හට රුපියල් බිලියන 7.7ක මුදලක් තවමත් ගෙවා නොමැති බවත් පැවසේ.

ඒ හේතුවෙන් බොහෝ සැපයුම්කරුවන් එම ආයතනය සමඟ ගනු-දෙනු කිරීමට මැලිවන බවත් ලංකා සතොස ආයතනයේ ටෙන්ඩර්වලට සැපයුම්කරුවන් ඉදිරිපත් වීම පහළ වැටී ඇති බවත් වාර්තා වේ.

වෙළෙඳ ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන කළ යෝජනාවක් අනුව ලංකා සතොස ආයතනය පසුගිය සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 2.241ක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

2020 ඔක්තෝබර් සිට 2021 ජනවාරි දක්වා සහල් තොග රඳවා ගැනීම සඳහා මෙම මුදල් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පසුගිය ආණ්ඩු කාලයේ සතොස පැවතියේ ඇමැති රිෂාඩ් බදියුදීන් යටතේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස