යහපාලන ආණ්ඩුව ගෝඨා හිරේ දාලා මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන්න හැදුවා! කැබිනට් මණ්ඩලේ 46ක් එක්ක මාර යුද්ධයක් කරලා ඒක නතර කළේ මමයි! – විජේදාස

July 28, 2020 at 4:15 pm | by emanisa.lk

පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ සරත් ෆොන්සේකා එක්ව මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අරමුණින් විශේෂ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උත්සාහ කළ බව හිටපු අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි පනතක් සම්මත කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට නැතැයි අධිකරණ ඇමැතිවරයා වශයෙන් තමා ඇමැති මණ්ඩලයට දැනුම්දුන් බවත් පසුව නීතිපතිවරයා ද එම අදහසම ඇමැති මණ්ඩලයට දැනුම් දී තිබුණු බවත් පැවසීය.

එසේම 2015 පෙබරවාරි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දහ දෙනකු අත්අඩංගුවට ගැනීමට රාජිත සේනාරත්නගේ නිවසේ සිට කෙටුම්පත් කළ ලිපියක් නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයෙන් යැවූ නියෝගය වැළැක්වීමට මැදිහත් වීමට තමාට සිදුවූ බවත් ඔහු කීවේය.

ගෝඨාභය රාජපක්ෂ වරදක් කර තිබුණේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සාධාරණ වන නමුත් නොකළ වරදකට කැලෑ නීතිය යටතේ ද්වේශසහගත ලෙස ක්‍රියාත්මක වීම අපරාධයක් බැවින් එසේ විරුද්ධ වූ බවත් යහපාලන ආණ්ඩුව විසින් කරන ලද මෙවැනි ක්‍රියා රාශියකට එරෙහිව කැබිනට් මණ්ඩලයේ 46 දෙනකු එක පැත්තක සිටියදී තමා තනිව සටන් කළ බවත් එය මාර සේනාවක් සමඟ කළ සටනට නොදෙවැනි බවත් ඔහු පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස