යහපාලන ආණ්ඩුවේ ද්‍රෝහී මෙහෙයුම ඇමැති සරත් ආපිට හරවයි! සාන්තුවරුන් කළ කොටි නායකයන් නැවත ඉන්ටර්පෝල් ලැයිස්තුවට!

December 5, 2020 at 9:28 am | by emanisa.lk

පසුගිය රජය විසින් ඉන්ටර්පෝල් රතු වරෙන්තු ලැයිස්තුවෙන් ඉවත් කළ හිටපු කොටි ත‍්‍රස්ත නායකයන් 140 දෙනකුගේ නම් යළි දුටු තැන අල්ලනු ඉන්ටර්පෝල් ලැයිස්තුවට ඇතුළත් කිරීමට මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර තීරණය කර ඇත.

තහනම අහෝසි වූ මේ හිටපු කොටි යළි අරමුදල් එකතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේ ය.

මොවුන් අතර ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම නෝර්වේ කොටි නායක තෙදියවන් යන අය ද වෙති. පසුගිය යහපාලන රජය මෙම කොටි නාමලේඛනය අහෝසි කර තිබුණේ හොර රහසේය.

එම කොටි ලැයිස්තුව ඉන්ටර්පෝල් පොලිසියෙන් ඉවත්කර ගැනීම සඳහා හිටපු දේශපාලකයකු හමුදා බුද්ධි නිලධාරීන්ට දැඩි බලපෑම් කර තිබූ බවද වත්මන් රජයට වාර්තා වී ඇත.

කෙසේ වුව ද මෙම තහනම ඉවත් කිරීමට එවක ආණ්ඩුවේ ඇමැති ධුර දැරූ සරත් ෆොන්සේකා හෝ පාඨලී චම්පක රණවක එරෙහි වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස