යහපාලනේ එපා වෙලා ලක්ෂ 20ක් ඡන්දේ දැම්මේ නෑ! විපක්ෂෙ හිටි අපේ ඡන්දත් ඒ ලක්ෂ විස්සේමයි!- ජවිපෙ

September 19, 2020 at 9:59 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය බිඳ වැටීම සමග සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණට එකතු කර ගැනීමේ හැකියාවක් ඇතැයි තමා සිතූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

එහෙත් 2015-2020 ජනවරම පාවා දීම නිසා කලකිරුණු ජනතාව ලක්ෂ 20න් පමණ ඡන්ද පොළට නොගිය බව ඔහු පෙන්වා දෙයි.

එලෙස ඡන්දපොළට නොගිය ජනතාව අතර ජනතා විමුක්ති පෙරමුණට ආකර්ෂණය වූ සැලකිය යුතු පිරිසක් බව ද බිමල් රත්නායක සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ පසුබෑමට හේතුව එය බව ද ඔහුගේ අදහසයි.

සියත රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස