මෝචරියේ කොරෝනා මරණ ගොඩගැසේ! ආදාහනයට එරෙහිව ඥාතීන් පෙට්ටි නොදේ..?

November 30, 2020 at 3:32 pm | by emanisa.lk

කොව්ඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ සඳහා මිනී පෙට්ටි ලබාදීම ඇතැම් පිරිස් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා කොළඹ ජාතික රෝහලේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දින කිහිපයක් තිස්සේ මෘතදේහ තබා ගැනීමට සිදුව තිබෙන බව වාර්තා වේ.

මීනි පෙට්ටි මිලදී ගැනීමට වත්කමක් නැතැයි ඇතැම් පිරිස් ප්‍රකාශ කළද ඔවුන් ප්‍රකාශ කරන්නේ සත්‍යයක් නොවන බව පෙනී යන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඇතැම් පිරිස් මිනී පෙට්ටි ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ ආදාහනය කිරීමට විරෝධය දැක්වීමක් ලෙස යැයි ද වාර්තා වේ.

පවුලේ ඥාතීන් මිනී පෙට්ටි ලබා නොදීම නිසා කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් ඊයේ(29) වනවිට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස