අද කොරෝනා මරණ 07ක්! 346ක් සුවය ලබද්දි නව ආසාදිතයන් 496ක්!

November 29, 2020 at 11:16 pm | by emanisa.lk

අද (29) දිනයේ තවත් කොරෝනා ආශ්‍රිත මරණ 07ක් වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසයි.

එසේ ම නව ආසාදිතයන් 496 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සුවපත් වූ අද නිවෙස් වෙත ගිය පිරිස 346කි.

මේ අනුව අද වන විට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 23 484 දක්වා ඉහළ ගොස් තිබේ. පූර්ණ සුවය ලද පිරිස 17002කි. තවත් ආසාදිතයන් 6366 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *