මොනා කොරෝනා ආවත් ඡන්දේ දාලා මං අගමැති කරවන්න! – සජිත්

August 4, 2020 at 2:36 pm | by emanisa.lk

මොන කොරෝනාව ආවත් ඡන්දපොළට ගොස් ඡන්දය ලබා දී තමන් අගමැති කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සමගි ජන බලවේගය අවසන් මැතිවරණ රැළිය මැද කොළඹදී අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

අද තරගය ඇත්තේ පොහොට්ටුව සහ දුරකථනය අතර පමණක් බවත් අනිත් පක්‍ෂවලට ආණ්ඩුව ලබා ගැනීමේ තරගයක් නැති බවත් ඔහු පැවසීය.

අගමැතිවරු පවා බිහි වුණ මැද කොළඹට ඉන් කිසිදු සෙතක් මේ දක්වා සිදු වී නැතැයි ද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස