මොනා කෙරෝනා ආවත් ඡන්දපොළට ගොස් තමා අගමැති කරන කී සජිත් ඡන්දේ දාලා නෑ?

August 5, 2020 at 3:43 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය ඡන්දය ප්‍රකාශ නොමැති බව සමාජමාධ්‍ය ජාලවල සාකච්ඡා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සිය ඡන්දය ප්‍රකාශ කිරීමට යන අවස්ථාවේ ගත් ඡායාරූප මාධ්‍යවල පළ වුවද සජිත් ප්‍රේමදාසගේ ඡායාරූප පළ නොවීම එයට හේතුවයි.

ඇතැම් සමාජමාධ්‍ය වාර්තා කර ඇත්තේ සජිත් ප්‍රේමදාසට ඡන්දය හිමි හම්බන්තොට ගිය විට ජනතාව විරෝධතා දක්වතැයි ද එය සිය ඡන්දදායකයන්ට බලපෑමක් වනු ඇතැයි ද බියෙන් ඔහු අවසාන මොහොතේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිස බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස