පරාක්‍රම සමුද්‍ර වැව් ඉහත්තාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනලට අයත් ගල් කොරියක් ඇති බවත් ගල් කොරියේ ගල් කුඩු නිසා සම්පූර්ණයෙන් පරාක්‍රම සමුද්‍රය දූෂණය වන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
මෙම ගල් කොරියේ ගල් කුඩු නිසා සම්පූර්ණයෙන් පරාක්‍රම සමුද්‍රය දූෂණය වන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුතාගේ නිවස තනා ඇත්තේ පරාක්‍රම සමුද්‍ර වැව් තාවුල්ලේ බවත් ඔහුගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේනගේ අරලිය හෝටලයේ වැට ගසා ඇත්තේ වැව් තාවුල්ල ද අල්ලා බවත් රොෂාන් රණසිංහ අනාවරණය කරයි.
වැව පූජනීය යැයි කියන්නේ සද්භාවයෙන් නම් දැන්වත් මෙම ගල් කොරි, හොටෙල් සහ ගෙවල් ඉවත් කර වැවේ පූජනීයත්වය රැකදෙන මෙන් ඇමැතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලයි.