පරාක්‍රම සමුද්‍ර ඇවිදින මංතීරුව අනිවාර්යෙන් ඉදිකළ යුතුයි…! රටේ සංවර්ධන කටයුතුවලට බාධා කිරීම අවාසනානත් තත්ත්වයක්…!

September 19, 2021 at 10:56 am | by emanisa.lk

පරාක්‍රම සමුද්‍ර බැම්ම මත දිවෙන ඇවිදින මංතීරුව අනිවාර්යෙන් ඉදිකළ යුතු ඵලදායි ව්‍යාපෘතියක් බව පොළොන්නරු දිස්ත්‍රික් භික්ෂූන් වහන්සේ පිරිසක් පෙන්වා දෙති.

රජයේ නිලධාරීන් සහ ජනතාව පත්කළ දේශපාලනඥයින්ට වැඩ කිරීමට බාධා කරන්නේ නම් එය ජාතියේ අවාසනාව බව උන් වහන්සේලා අවධාරණය කළහ.

නොරහේ කිඹුලන් දකිමින් රටේ සංවර්ධන කටයුතුවලට බාධා නොකළ බව ද එම භික්ෂූන් වහන්සේ පිරිස අවධාරණය කළහ.

පොළොන්නරුව අලුත්වැව ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ දී ඊයේ (18) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

මෙම අවස්ථාවට පොළොන්නරුව දිසාවේ ප්‍රධාන සංඝනායක උරුවාම්බේ ධම්මසිද්දි හිමි, පොළොන්නරුව දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දඬුබැඳුරුපේ ශ්‍රී උපනන්ද හිමි, පරාක්‍රම සමුද්‍ර ශ්‍රී විවේකාරාමාධිපති මැටබැද්දේ ආනන්ද හිමි ඇතුළු මහා සංඝ රත්නය අවස්ථාවට වැඩම කොට සිටියහ.

මෙම ව්‍යාපෘතිය පසුගියදා තාවකාලිකව නතර කළේ, ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ ගොවි සංවිධානවල විරෝධය නිසාවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස