ඇවිදින මංතීරුවට සංඝරත්නයේ ආශීර්වාදය ගත යුතුයි…! මංතීරුවට සුදුසු ම වැවට එහා පැත්තේ අඩි පාරයි…! – මෛත්‍රී..

August 31, 2021 at 7:47 am | by emanisa.lk

පොළොන්නරුව මහා පරාක්‍රම සමුද්‍ර වේල්ල මතින් දිවෙන ප්‍රධාන මාර්ගයට සමගාමීව ඇවිදින මංතීරුව ඉදිකිරීමේ දී ගොවිජන සංවිධානවල සහ මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ගොවි සංවිධානවල සහ මහා සංඝරත්නයේ අදහස් විමසා බැලුවේ නම් ව්‍යාපෘතිය දියත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් ගතහැකිව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ සඳහා සුදුසු ම ස්ථානය පරාක්‍රම සමුද්‍ර වේල්ල අවසන් වන නැඟෙනහිර පැත්තේ ඇති වෙල් යාය මතින් වැටී ඇති අඩි පාර බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස