ගොවි දරුවන් වෙනුවෙන් පරාක්‍රම සමුද්‍ර ඇවිදින මංතීරුව හදනවා…! – රොෂාන් රණසිංහ….

September 16, 2021 at 9:52 pm | by emanisa.lk

මහා සංඝරත්නයේ සහ ගොවි සංවිධානවල අනුමැතිය ලබා ගෙන පරාක්‍රම සමුද්‍ර ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

පරාක්‍රමබාහු රජතුමා පවා වැව්තාවුල්ලේ මාළිගා නොසෑදු බවත් ඇති හැකි අයට නම් අද මුදල් ගෙවා පරාක්‍රම සමුද්‍ර තාවුල්ලේ ඉදිකර ඇති හොටෙල් වෙත ගොස් වැවේ පහස විඳගත හැකි බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

එසේම රටේ ගොවි ජනතාවගේ දරුවන්ට ද වැව අසල අසුනක මඳක් හිඳ ගෙන සිටීමට වැවක පහස විඳීමට අයිතිය ලබාදිය යුතු නැති දැයි ඔහු ප්‍රශ්න කරයි.

එම ගොවි දරුවන් මහ පැරකුම් රජතුමාගේ වැවෙහි පහස විඳීමට එහි අභිමානය ලබා ගැනීමට කිසිවෙකු ඊර්ෂයා කරන්නේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

රටේ සෙසු ඉපැරණි වැව්වල මෙම පහසුකම් ලබා දී ඇත්නම් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඒවා ඇති කිරීමේ ගැටලුව කුමක් දැයි ඇමැති රණසිංහ ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස