ඇවිදින මංතීරුවෙන් පරාක්‍රම සමුද්‍රයට කිසිදු හානියක් නෑ….! අතීතයේ නතර වෙලා රටක් දියුණු කරන්න බෑ…! – පරාක්‍රම සමුද්‍රය භාර ඉංජිනේරු…

August 27, 2021 at 5:31 pm | by emanisa.lk

පරාක්‍රම සමුද්‍ර බැම්මේ ඉදිවන ඇවිදින මං තීරුව පොළොන්නරුව සංචාරක ප්‍රවර්ධන සැලැස්මෙහි එක් ප්‍රධාන අංගයක් බව එම ව්‍යාපෘතිය සහ පරාක්‍රම සමුද්‍රය භාර ඉංජිනේරුවරයා පවසයි.

මෙම වැව් බැම්මේ රළපනාව කොටසෙහි අඩි 5-6ක ගල් අතුරු ඇවිදින මං තීරුවක් සැකසීමෙන් ඇති වන ප්‍රශ්නය කුමක් දැයි ඔහු ප්‍රශ්න කරයි. කෘෂිකාර්මික කටයුතු, ධීවර කටයුතු සහ පානිය ජල අවශ්‍යතා සපුරා ගැනීමට අමතරව මිනිසුන්ගේ විවේකය, සංචාරක කටයුතු, ව්‍යායාම කටයුතු ආදී තවත් ක්ෂේත්‍ර සඳහා නූතන ලෝකයෙහි වැව යොදාගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

වැවේ ආරක්ෂාව මෙන් ම වැව නිසා කිසියම් ජීවිත සහ දේපළ හානියක් සිදුවන්නේ නම් ඊට වගකිව යුතු පුද්ගලයා ලෙස එම සියලු වගකීම් උර දරාගෙන මෙම ව්‍යාපෘතිය දියත්කර ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

මෙහි වෙනත් මංතීරු මෙන් කොන්ක්‍රීට් භාවිතයක් සිදු නොවන බවත් ස්වාභාවිකත්වයට මුල් තැන දෙමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකරන බවත් ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කරයි.

තමන්ට ලැබී ඇති ප්‍රතිපාදනවලින් ජනතාවට ආධාර බෙදීමට හෝ රෝහල්වලට ආධාර කිරීමට හැකියාවක් නැති බවත් වර්ෂ අවසානයේ තමා ව්‍යාපෘතියේ ප්‍රගතිය ඉදිරිපත් කළ යුතු බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *