තම ජීවිත කාලයේ දී මෙතරම් ඉක්මනට අප්‍රසාදයට පත්වූ ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් දැක නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා සඳහන් කරයි.
2/3 බලයක් සහිතව නව ආණ්ඩුව පත් වී මාස දෙකමාරක්වත් ගත වී නැති බවත් ජනාධිපතිවරයාට තවම මාස අටක්වත් ගත වී නැති බවත් ඔහු පැවසීය.
එවන් තත්ත්වයකදී ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දිනෙන් දින වේගයෙන් වැඩිවන බවත් ඔහු කියා සිටියේය.
ආණ්ඩුව විරෝධය ඉහළ යන බවට හොඳ ම උදාහරණය සමගි ජන බලවේගයේ ජනහමුවලට එන සෙනඟ බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේග ජන හමුවක් අමතමිනි.