මේ ආණ්ඩුව කෘෂි ශිෂ්ටාචාරය විනාශ කළේ කාලිංග මාඝ වගේ…! – සජිත්…

January 29, 2022 at 9:29 am | by emanisa.lk

උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත්, වර්ථමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පිපිරීම් නවත්තන බව කියා පැමිණි ආණ්ඩුව යටතේ අතට ගන්න ගෑස් සිලින්ඩරය පවා පිපිරෙන තැනට පත්වී ඇති බවත්, එපමණක් නොව පොහොර කෑන් පවා පිපිරෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ මදිවාට, ගෙන්වා ඇති දියර පොහොර උහුලන්නට බැරි තරම් දුගදකින් යුක්ත බව කී විපක්ෂ නායකවරයා ඒ දුගඳ අරලියගහ මන්දිරයට දැනෙන්නේ නැති බවත්, ජනාධිපති මන්දිරයට දැනෙන්නේ නැති බවත්, පාර්ලිමේන්තුවට දැනෙන්නේ නැති බවත් ප්‍රකාශ කළේය.

ජනතාවගේ දුක වේදනාව දැනෙන ස්නායු ආණ්ඩුවට නැතැයි කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සීනි වංචාව, පොල්තෙල් වංචාව, කෝවිඩ් ගසා කෑම ඇතුළු මහා දූෂණ වංචා අක්‍රමිකතාවලට ආණ්ඩුව වගකිවයුතු බවත් අවධාරණය කළේය.

අද වන විට ශ්‍රී ලංකාව දූෂණ දර්ශකයේ අතිශය පහළ තැනකට රට පත්වී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පෙරවරුවේ දඹුල්ල නගරාසන්නයේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස