කාබනික ගොවිතැනට එරෙහි වන බොහෝ දෙනා කන්නේ කාබනික ආහාර….! – ජනපති…

July 2, 2021 at 7:20 am | by emanisa.lk

කාබනික පොහොර වැඩපිළිවෙළට එරෙහිව කතා කරන බොහෝ දෙනෙක් වැඩි මිලක් ගෙවා කාබනික පොහොර යෙදූ එළවළු, පලතුරු භාවිත කරන බවත් රසායනික පොහොර භාවිතයෙන් පීඩා විඳින ගොවීන් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මීට පෙර පැවැති ආණ්ඩු, කාබනික පොහොර වගාවට යොමු වීමට උත්සාහ කර තිබෙන බවත් එහෙත් ඒවා අසාර්ථක වීමට වූ හේතු මැනවින් අධ්‍යයනය කර නව වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඇතැම් පිරිස් මෙය ආපස්සට යන ගමනක් ලෙස පෙන්වා දීමට උත්සාහ කළ ද සමස්ත ලෝකයේ ම නව ප‍්‍රවණතාවක් ලෙස ගැනෙන, කාබනික පොහොර භාවිතයට යොමුව, කෘෂි ආර්ථිකයේ නව මාවතකට රට ගෙනයන බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බැව් පැවසුවේ ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති ශ‍්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත‍්‍රික් ගොවි නියෝජිත හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස