කාබනික ගොවිතැන අසාර්ථකයි…! කන්න නැතිව රට සාගතයක් ළඟ…! ජනපති ජනතාවට වැඳ සමාව ගනු…! – පාඨලී…

October 15, 2021 at 10:34 pm | by emanisa.lk

රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත්, ජනාධිපතිවරයාත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් ගොවීන්ට දණ ගසා වැඳ සමාව ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය යටතේ සාගතයක් ඒම වැළැක්විය නොහැකි බවත්, වහාම ප්‍රමිතියකින් යුතු පොහොර ජනතාවට ලබා දිය යුතු බවත්ය.

ඇතැම් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් කාබනික ගොවිතැන ඇති ලොව එකම රට ලෙස මේ රට බ්‍රෑන්ඩ් කිරීමට උත්සාහ ගත් බවත්, මේ වන විට ගොවි ජනතාව පාරට බැස රසායන පොහොර ඉල්ලා උදඝෝෂණය කරන තැනට වැටී එය සම්පූර්ණයෙන්ම අසාරථක වී ඇති බවත් පාඨලී චම්පික පෙන්වා දුන්නේය.

අඩුම තරමින් හැකි නම් සම්පූර්ණයෙන් ම නොව 1%ක්වත් කාබනික ගොවිතැන කර ‌පෙන්වන ලෙස තමන් ජනාධිපතිවරයාටත්, කෘෂිකර්ම අමාත්‍යවරයාටත් අභියෝග කරන බවත් එසේ කළහොත් තම සහයෝගය අදාළ ව්‍යාපෘතියයට ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *