කාබනික ගොවිතැනට එරෙහි වූ කෘෂිකර්ම ලේකම් පන්නයි..! ජනපති නව ලේකම්වරයෙක් පත් කරයි..!

December 22, 2021 at 5:14 pm | by emanisa.lk

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත.

මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබ සිටී.

මහාචාර්ය උදිත් කේ. ජයසිංහ කාබනික පොහොර සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී ආන්දෝලනාත්මක අදහස් ගණනාවක් ඉදිරිපත් කළේය.

මෙයට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. අනුෂ පැල්පිටගේ එම පත්වීම බල පැවැත්වෙන්නේ ජනවාරි මස 1 වැනිදා සිටය.

අනූෂ පැල්පිට ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙයට පෙර කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *