කාබනික ගොවිතැන ඇමැතිලගේ විනෝදාංශේ වුණාට ගොවියගේ ජීවිතේ…! නැනෝ යූරියා ගොයමට අතිරේඛ ආහාරයක් මිස ප්‍රධාන ආහාරය නෙමෙයි…! – අනුර…

October 21, 2021 at 8:48 pm | by emanisa.lk

ජනතාවගේ බදු මුදලින් ජීවත් වන මැති ඇමතිවරුන් විනෝදාංශය සඳහා සිදු කරන කාබනික ගොවිතැන සහ සාතිශය බහුතර ජනතාව ජීවිතය ගැටගසා ගැනීම සඳහා සිදු කරන ගොවිතැන එකිනෙකට හාත්පසින් වෙනත් සංසිද්ධීන් දෙකක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

යම් හෙයකින් ගොවිතැන් කරන ගොවියා එක් කන්නයක් පාඩු ලැබුවහොත් එය ඔහුගේ පවුලටම බලපාන නමුත් විනෝදාංශයට කාබනික වගාව සිදු කරන මැති ඇමතිවරුන්ට එවැනි කිසිදු අවදානමක් නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. කටේ හයියෙන් හෝ ඇඟේ හයියෙන් හෝ කාබනික වගාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත නොහැකි බවද හෙතෙම පවසයි.

පසුගියදා ඉන්දියාවෙන් ආනයනය කළ පොහොරවල තිබෙන්නේ නැනෝ යූරියා මිස නැනෝ නයිට්‍රජන් නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ මෙම පොහොර වී වගාව සඳහා අතිරේක ආහාරයක් මිස යූරියා වෙනුවට භාවිත කළ හැකි ප්‍රධාන ආහාරයක් නොවන බවය.

මෙම නැනෝ යූරියා සම්බන්ධයෙන් සකස් කළ පර්යේෂණ පත්‍රිකාවේ සඳහන්ව තිබෙන්නේ කුඹුරු වගාකර සති දෙකකට පසුව යූරියා යොදා තවත් සති දෙකකින් පසුව මෙම නැ‍නෝ යූරියා දියර පොහොර භාවිතා කිරීම සුදුසු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *