කාබනික ගොවිතැන නංවන්න බටහිර රටවල සහාය…! – ජනපති කැබිනට්ටුවට දන්වයි….

June 29, 2021 at 1:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා ජර්මනිය ආදී බටහිර රටවල් සහාය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඊයේ (28) පස්වරුවේ ජනාධිපතිවරයා මේ බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ලංකාවේ කාබනික ගොවිතැන අසාර්ථක වුවහොත් එය තම රටවල කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමට අහිතකර ආකාරයට බලපානු ඇතැයි බටහිර රටවල් සිතන බව ද හෙතෙම පෙන්වා දී තිබේ.

දේශපාලනික පෙළඹවීම් සහිත ගොවි විරෝධතා රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කර ඇතැයි ද ජනාධිපතිවරයා චෝදනා කර තිබේ.

මෙම කන්නය සඳහා ඇති වන ඕනෑ ම පොහොර ප්‍රශ්නයක් විසඳාලීම සඳහා මැදිහත් වන ලෙස ද ඔහු ඇමැතිවරුන්ට ද උපදෙස් ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *