ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ මෙම ආණ්ඩුව පවත්වා ගෙන යා හැක්කේ උපරිම මාස හයක කාලයක් පමණක් බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කරයි.
තමන් විසින් එම නියත විවරණය ලබා දෙන බවද හෙතෙම පැවසීය.
බොරැල්ලේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් දේශපාලනයට පැමිණීම අනුවණකමක් බවත ඔහුට සැනසීමෙන් ඉන්න ඉඩ ලබා දීමට කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.