මෙහෙයුම් හමුවේ පාතාළය සලිතවෙයි! විශ්වවිද්‍යාල සිසු ගිණුම්වලට මුදල් අදී!

July 20, 2020 at 5:17 pm | by emanisa.lk

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වත්කම් දේපළ හා බැංකු ගිණුම් පරික්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ වීමත් සමඟ ඇතැම් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන් එම ජාවාරමෙන් උපයාගෙන ඇති විශාල මුදල් බැර කර ඇති බැංකු ගිණුම් සහ මුදල් විශ්වවිද්‍යාල සිසුන් සහ සාමාන්‍ය ජනතාවගේ ගිණුම් වෙත බැර කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් නොදැනුවත්කම නිසා මොවුන්ගේ උපායවලට හසු වී ඇති බවත් ඊට අදාළව පැමිණිලිද පොලිසිය වෙත ලැබී ඇති බවද ඔහු සඳහන් කරයි.

ජාවාරම්වලින් උපයා ගත් එම විශාල ගිණුම් පවත්වාගෙන යෑම සඳහා විශ්වවිද්‍යාල සිසුන්ට හා සාමාන්‍ය ජනයාට පාතාල නායකයන් 5,000ක් වැනි මුදලක් සතිපතා ගෙවන බවද හෙළිදරව් වී ඇති බවද හෙතෙස අනාවරණය කරයි.

එම ගිණුම්වලට විශාල මුදල් කන්දරාවක් පාතාලය විසින් බැර කර පසුව ඊසි කෑෂ් හරහා ඔවුන් ලබා දෙන අංකයට බැර කරන ලෙසට දන්වන බවද හෙළිව තිබේ.

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ පොලිස් මූලස්ථානයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස