ජනපති-අගමැති පක්ෂ දෙකක වුණොත් රට විනාසයි! රටම කඩා වැටිලා රට්ටු හිඟමනට වැටෙනවා! කුඩුකාරයෝ පාතාළයෝ රජ වෙනවා!- මෛත්‍රී (video)

July 5, 2020 at 12:07 pm | by emanisa.lk

පසුගිය ආණ්ඩු සමයේ මෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුම් නිර්මාණය වුවහොත් රට යළිත් අර්බුදයකට පත්වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පානදුර ප්‍රදේශයේ ඊයේ (4) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනපති හා අගමැති පක්ෂ දෙකක වුවහොත් රටේ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුද උග්‍ර ලෙස වර්ධනය වී රටම කඩා වැටී හිඟමනට වැටෙනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා අනතුරු ඇඟෙව්වේය.

එවැනි තත්ත්වයක් මතු වුවහොත් මේ රට කුඩුකාරයන්ගේ සහ පාතාළ කල්ලිවල රාජධානියක් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබා දීමට තීරණය කර ඇත්තේ ධනේෂ්වර ක්‍රමයට විරුද්ධව මෙන්ම වැරදි ක්‍රියාවලට විරුද්ධව දේශප්‍රේමිත්වයෙන් කටයුතු කිරීමට බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස